ශ්‍රී ලංකාවේ ජාතික උද්භිද උද්‍යාන පද්ධතිය 2025 වසරේදී රුපියල් බිලියනයක ආදායම් සීමාව යළිත් ඉක්මවා යමින් සුවිශේෂී මූල්‍ය ප්‍රගතියක් අත්කරගෙන තිබේ. ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවට අනුව, පසුගිය වසරේදී වාර්තා වූ සමස්ත ආදායම රුපියල් බිලියන 1.394කි.
2025 වසරේදී එල්ල වූ ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම හමුවේ වුවද, උද්භිද උද්‍යාන වෙත පැමිණි සංචාරකයින්ගේ අඩුවක් දක්නට නොලැබීම විශේෂත්වයකි. මෙම ආදායම 2024 වසර හා සැසඳීමේදී 07%ක වර්ධනයක් බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ආදායම් ඉහළ යාමට බලපෑ ප්‍රධාන හේතු ලෙස,
මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යාම. උද්‍යාන ඇතුළුවීමේ ගාස්තු, ශාක අලෙවිය සහ අනෙකුත් සේවාවන්ගෙන් ලැබෙන ආදායම ඉහළ යාම. සංචාරක අංශයේ ඇති වූ නව පිබිදීම.
පසුගිය වසරේදී දිවයින පුරා පිහිටි සියලුම උද්භිද උද්‍යාන නැරඹීම සඳහා මිලියන 2කට අධික දේශීය හා විදේශීය සංචාරකයින් පිරිසක් පැමිණ තිබේ.
පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය වසරේ වැඩිම ආකර්ෂණයක් දිනාගනිමින් නරඹන්නන් මිලියනයකට අධික සංඛ්‍යාවක් පැමිණ ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම් සහ සංචාරක ඉපැයීම් ශක්තිමත් කිරීම සඳහා උද්භිද උද්‍යාන සපයන දායකත්වය මෙම දත්ත හරහා මැනවින් තහවුරු වන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.