ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරමින් දිල්ෂාන් මධුශංක ඉතිහාසයට

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ඊයේ (අගෝස්තු 31) පැවති දෙවන එක්දින තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුශංක, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට නව වාර්තාවක් එක් කළා. ඔහු

මිතුරන් සමග බෙදාගන්න

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ඊයේ (අගෝස්තු 31) පැවති දෙවන එක්දින තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුශංක, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට නව වාර්තාවක් එක් කළා.

ඔහු එම තරගයේදී එක්දින තරගවලදී වේගවත්ම කඩුලු 50 දවා ගත් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නා බවට පත් වුණා.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ පුරාවෘත්තයක් බඳු වේග පන්දු යවන්නන් වූ ලසිත් මාලිංග සහ දිල්හාර ප්‍රනාන්දුයි. ඔවුන් දෙදෙනාටම කඩුලු 50 සීමාව පසු කිරීමට එක්දින තරග 32ක් වැය වුණා.

නමුත්, දිල්ෂාන් මධුශංක මෙම සුවිශේෂී දස්කම දැක්වීමට වැය කළේ තරග 28ක් පමණයි. මෙම නව වාර්තාව, ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය සඳහා ඔහු සතු දැවැන්ත හැකියාව තවත් වරක් තහවුරු කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්