සිරස්තල
නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර මැදපෙරදිග යුද ගිනි ඇවිළෙයි, පර්සියානු ගල්ෆ් කලාපයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි

ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරමින් දිල්ෂාන් මධුශංක ඉතිහාසයට

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ඊයේ (අගෝස්තු 31) පැවති දෙවන එක්දින තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුශංක, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට නව වාර්තාවක් එක් කළා. ඔහු

මිතුරන් සමග බෙදාගන්න

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ඊයේ (අගෝස්තු 31) පැවති දෙවන එක්දින තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුශංක, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට නව වාර්තාවක් එක් කළා.

ඔහු එම තරගයේදී එක්දින තරගවලදී වේගවත්ම කඩුලු 50 දවා ගත් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නා බවට පත් වුණා.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ පුරාවෘත්තයක් බඳු වේග පන්දු යවන්නන් වූ ලසිත් මාලිංග සහ දිල්හාර ප්‍රනාන්දුයි. ඔවුන් දෙදෙනාටම කඩුලු 50 සීමාව පසු කිරීමට එක්දින තරග 32ක් වැය වුණා.

නමුත්, දිල්ෂාන් මධුශංක මෙම සුවිශේෂී දස්කම දැක්වීමට වැය කළේ තරග 28ක් පමණයි. මෙම නව වාර්තාව, ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය සඳහා ඔහු සතු දැවැන්ත හැකියාව තවත් වරක් තහවුරු කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්