පසුගිය ජූනි 27 වනදා සිට තිරගත වන, සිනමාවට ප්‍රතිනිර්මාණය කරන ලද ක්ලැරන්ස් විජේවර්ධනගේ නිර්මාණ ජීවිතය, යොවුන් වියේ රොමැන්ටික සුන්දරත්වය විශිෂ්ට ආකාරයකින් සිනමාවට ගොඩ නංවා තිබෙනවා. කෙසේ වෙතත්, මෙම සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා වන තේජා ඉද්දමල්ගොඩ මහතා එය තිරගත වීමට පෙර හදිසියේ අභාවප්‍රාප්ත වීම ප්‍රේක්ෂකයන්ගේ බලවත් කනගාටුවට හේතු වී ඇත.
ක්ලැරන්ස් විජේවර්ධන යනු ගීත රචනය, සංගීත නිර්මාණය සහ ගායනය යන අංශ තුනම ඒකාබද්ධ කරගත් සුවිශේෂී නිර්මාණකරුවෙකි. ඔහුගේ එම සදාතනික නිර්මාණ ගොන්නෙන් කිහිපයක් සිනමානාත්මකව ප්‍රතිනිර්මාණය කිරීමට තේජා ඉද්දමල්ගොඩ මහතා සමත් වී තිබේ.
මෙම නිර්මාණය පවුලේ සියලු දෙනා සමඟ සෞන්දර්යාත්මක වින්දනයක් වෙනුවෙන් නැරඹිය හැකි අපූර්ව චිත්‍රපටයක් ලෙස හඳුන්වා දිය හැකියි. ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීතවලින් පෝෂණය වූ මෙම චිත්‍රපටය, තේජා ඉද්දමල්ගොඩ මහතාගේ සිනමා දැක්මට කදිම උපහාරයක් වනු නොඅනුමානයි.