සිරස්තල
නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර මැදපෙරදිග යුද ගිනි ඇවිළෙයි, පර්සියානු ගල්ෆ් කලාපයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය නේපාලයේදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් “ගණේමුල්ල සංජීව” අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළදී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගෙන

මිතුරන් සමග බෙදාගන්න

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් “ගණේමුල්ල සංජීව” අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළදී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, රටින් පළා ගොස් සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළුව සැකකරුවන් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම කණ්ඩායම අතර ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තාගේ සමීපතමයෙකුද සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

ගණේමුල්ල සංජීව පසුගිය පෙබරවාරි මස 19 වනදා නඩු කටයුත්තක් සඳහා පැමිණ සිටියදී අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනයට ලක් විය.

මෙම අත්අඩංගුවට ගැනීම, සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණවල තීරණාත්මක ඉදිරි ගමනක් ලෙස සැලකේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්