සිරස්තල
නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි

ගල් බැම්ම මත සිටි පෙම් යුවලක් මුහුදට ගසාගෙන යද්දී බේරාගනී

ගාල්ල – කොටුව ඕලන්ද රෝහල් ගොඩනැගිල්ල පිටුපස ඇති ගල් බැම්ම මතින් මුහුදට ගසාගෙන ගිය තරුණ යුවළක් බේරා ගැනීමට අසල සිටි පිරිසක් සමත්ව තිබෙනවා. මෙම සිදුවීම

මිතුරන් සමග බෙදාගන්න

ගාල්ල – කොටුව ඕලන්ද රෝහල් ගොඩනැගිල්ල පිටුපස ඇති ගල් බැම්ම මතින් මුහුදට ගසාගෙන ගිය තරුණ යුවළක් බේරා ගැනීමට අසල සිටි පිරිසක් සමත්ව තිබෙනවා.

මෙම සිදුවීම ඊයේ (සැප්තැම්බර් 22) සවස සිදුවී ඇති අතර, එය අසල සිටි පුද්ගලයෙකු විසින් වීඩියෝ ගත කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන පරිදි, මෙම යුවළ පෙම් සුව විඳීම සඳහා ගල් බැම්ම මත ඇති කුටියට පැමිණ ඇති අතර, මුහුද එකවරම රළු වීමත් සමඟ ඔවුන් දෙදෙනා මුහුදට ගසාගෙන ගොස් ඇත.

මෙම අවස්ථාවේදී ඕලන්ද ගොඩනැඟිල්ලේ ආරක්ෂාව හා පරිපාලන භාර නිලධාරී ගාමිණී මහතා වහාම මුහුදට පැන ඔවුන් බේරා ගැනීමට උත්සාහ කර තිබෙනවා. පසුව, අවට සංචාරක ආපනශාලාවල සිටි තරුණ පිරිසක්ද පැමිණ දැඩි පරිශ්‍රමයක් දරා මෙම යුවළ බේරාගෙන ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරට ලක්වූ තරුණිය සහ තරුණයා අහංගම සහ ලුණුමෝදර ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, තරුණිය මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, තරුණයා හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

මෙම සිදුවීම, මුහුදු රළු වන අවස්ථාවන්වලදී වෙරළ තීරයන්හිදී වඩාත් ප්‍රවේශම් විය යුතු බවට නැවතත් අනතුරු අඟවනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්