ජනප්‍රිය රැප් ගායක ‘මදුවා’ පුපුරණ ද්‍රව්‍ය සමඟ යළි අත්අඩංගුවට

මීට දින කිහිපයකට පෙර ව්‍යාජ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි ජනප්‍රිය රැප් ගායන ශිල්පී මාධව ප්‍රසාද් හෙවත් ‘මදුවා’ නැවත වතාවක් පුපුරණ

මිතුරන් සමග බෙදාගන්න

මීට දින කිහිපයකට පෙර ව්‍යාජ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි ජනප්‍රිය රැප් ගායන ශිල්පී මාධව ප්‍රසාද් හෙවත් ‘මදුවා’ නැවත වතාවක් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කහතුඩුව පොලීසිය පවසන්නේ, සැකකරු සමග ජෙලග්නයිට් කූරු 3ක්, ඩෙටනේටර් 5ක් සහ ඇමෝනියා නයිට්‍රේට් කිලෝ 3යි ග්‍රෑම් 500ක් ඔවුන් භාරයට ගත් බවයි.

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත්තේ කහතුඩුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහ මහතාට ලද රහසිගත තොරතුරකට අනුවයි. සැකකරු පදිංචි පිටිපන, ගලහේන ප්‍රදේශයේ නිවසක් පිටුපස වළදමා තිබූ මෙම ද්‍රව්‍ය, පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ, මීට මාස කිහිපයකට පෙර කොටවිල පොලීසියේ ගිනි අවියක් සොරා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පොලිස් කොස්තාපල්වරයෙක් සහ තවත් රැප් ගායකයෙකු පැමිණ තමන්ට මෙම පුපුරණ ද්‍රව්‍ය ලබා දුන් බවයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි තරුණයෙක් වන අතර, ඔහු පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්