ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයේ දෙවන වරට පත්වීමෙන් පසු ඔහුගේ පළමු ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සංචාරය සඳහා සෞදි අරාබියට පැමිණ තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් විසින් අමෙරිකානු ජනාධිපතිවරයාව පිළිගෙන තිබෙනවා.
සෞදි අරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දින හතරක සංචාරයක නිරත වන අමෙරිකානු ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුර එක්සත් ජනපදය තුළ සැලකිය යුතු නව ආයෝජන ලබා ගැනීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් ද මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.