සිරස්තල

දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි

පිලිපීනයේ අගනුවර වන මැනිලා නුවර ඇති වූ දරුණු ගින්නකින් පැල්පත් නිවාස 1,100කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, දහස් සංඛ්‍යාත ජනතාවක් අවතැන් වී තිබෙනවා. මෙම

මිතුරන් සමග බෙදාගන්න

පිලිපීනයේ අගනුවර වන මැනිලා නුවර ඇති වූ දරුණු ගින්නකින් පැල්පත් නිවාස 1,100කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, දහස් සංඛ්‍යාත ජනතාවක් අවතැන් වී තිබෙනවා.

මෙම ගින්න පිලිපීන වේලාවෙන් ඊයේ (සැප්තැම්බර් 15) රාත්‍රියේ මැනිලා නගරයේ තදාසන්න ප්‍රදේශයක හටගෙන ඇති අතර, එය වේගයෙන් ව්‍යාප්ත වීම නිසා ගින්න පාලනය කිරීම අසීරු වී තිබුණා. ගිනි නිවන රථ රැසක් යොදා ගනිමින් පැය 10කට ආසන්න කාලයක් සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් පසුවයි ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට බලධාරීන්ට හැකි වී ඇත්තේ.

කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගින්නෙන් අවතැන් වූ පිරිස් මේ වනවිට රජයේ පාසල් සහ රජයේ කාර්යාල වෙත යොමු කර තිබෙනවා.

මැනිලා නගරයේ පැල්පත් නිවාස පිහිටි කලාපවල මෙවැනි බරපතළ ගිනි අනතුරු සිදුවූ අවස්ථා මීට පෙරද වාර්තා වී තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්