සිරස්තල
දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි මාලිංගගේ උපදේශක ධුරය ලෝක කුසලානය අවසන් වනතුරු දීර්ඝ කෙරේ ඉරානයට ට්‍රම්ප්ගෙන් අවසන් නිවේදනයක් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ CID යට එන්න බැරි බව දැනුම් දෙයි විදේශීය දුම්වැටි 12,000ක් සමඟ ගම්පොළ පුද්ගලයෙකු කටුනායකදී කොටු වෙයි අමෙරිකාවේ පාසල් හොකී තරගයක් අතරතුර වෙඩි තැබීමක් පැතුම්ගේ ඓතිහාසික ශතකයෙන් ඔස්ට්‍රේලියාව පරදී, ශ්‍රී ලංකාව ලෝක කුසලාන ‘සුපිරි 8’ වටයට සාමාන්‍ය පෙළ හෙට ඇරඹේ, කාලසටහන ගැන විභාග කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ දැනුම්දීමක් සුපිරි 8 සිහිනය වෙනුවෙන් ශ්‍රී ලංකාව අද ප්‍රබල ඔස්ට්‍රේලියාවට එරෙහිව පල්ලෙකැලේදී සටනට ඉන්දු – පාකිස්ථාන මහා සටනින් ඉන්දියාවට ලකුණු 61ක විශිෂ්ඨ ජයක්

දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

දිවයිනේ පළාත් කිහිපයකට අද (20) වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට

මිතුරන් සමග බෙදාගන්න

දිවයිනේ පළාත් කිහිපයකට අද (20) වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි අපේක්ෂා කෙරේ.

නැගෙනහිර පළාතේ මෙන්ම මාතලේ, බදුල්ල, මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇද හැලීමට ඉඩ ඇති බව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව,

හම්බන්තොට දිස්ත්‍රික්කයට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

පස්වරු 1.00න් පසුව දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකිය.

රත්නපුර, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි පතිත විය හැකිය.

අලුයම් කාලයේදී මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මීදුම් සහිත කාලගුණයක් පවතිනු ඇත.

ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්