ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
මේ අනුව, පහත සඳහන් ප්‍රදේශවල ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටිනවා.
- ගාල්ල දිස්ත්‍රික්කය: බද්දේගම
- මහනුවර දිස්ත්‍රික්කය: ගඟ ඉහළ කෝරළය
- කෑගල්ල දිස්ත්‍රික්කය: අරණායක
- නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව සහ නෝර්වුඩ්
- රත්නපුර දිස්ත්‍රික්කය: කිරිඇල්ල
මෙම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, නායයෑම් සිදුවිය හැකි අවදානම් තත්ත්වයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙසයි. පස් කඳු මත ඉරිතැලීම්, ජල උල්පත් මතුවීම, ගස් ඇලවීම වැනි පෙර නිමිති ඇත්නම් වහාම අදාළ බලධාරීන් දැනුවත් කරන්න.
මෙම අනතුරු ඇඟවීම අද (මැයි 31) දින පස්වරු 9.00 දක්වා වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළා.