කඩුගන්නාව සහ මන්නාරම ප්‍රදේශවලදී සිදුවූ දුම්රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
පළමු අනතුර සිදුව ඇත්තේ කඩුගන්නාව දුම්රිය ස්ථානය ආසන්නයේදීය.
මහනුවර සිට පොල්ගහවෙල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටීමෙන් මෙම පුද්ගලයා මියගොස් තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අකුරැස්ස, කනත්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි.
මේ අතර, තවත් දුම්රිය අනතුරක් මන්නාරම, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් වාර්තා වේ.
තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් එහිදී එක් අයෙකු මියගොස් තිබේ. මියගිය පුද්ගලයා පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේම පදිංචිව සිටි 32 හැවිරිදි අයෙකි බව පොලිසිය සඳහන් කළේය.
අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.