සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක්

මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා, සියලුම දුර ගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ

මිතුරන් සමග බෙදාගන්න

මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා, සියලුම දුර ගමන් බස් රථ ගමන් ඇරඹීමට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්ය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩපිළිවෙළ ලබන මස මුල සිට ආරම්භ කිරීමට නියමිතයි.

පළමු අදියර යටතේ කොළඹ බැස්ටියන් මාවත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින්, ජාතික ගමනාගමන කොමිසමේ අධීක්ෂණය යටතේ මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වනු ඇත.

මෙම නව නීතිය යටතේ කිලෝමීටර් 100කට වැඩි දුරක් ගමන් කරන බස් රථ, ධාවනය ආරම්භ කිරීමට පැය 48කට පෙර යෝග්‍යතා සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය වේ. දුර ගමන් විනෝද චාරිකා බස් රථ සඳහාද මෙම තත්ත්ව පරීක්ෂණය අනිවාර්ය වන අතර, එම සහතිකය නොමැතිව කිසිදු චාරිකාවකට අනුමැතිය හිමි නොවේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ සඳහා අවශ්‍ය උපදේශයන් චක්‍රලේඛයක් මගින් නිකුත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.

මෙම ක්‍රියාවලිය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේදී, රථවාහන අලුත්වැඩියාවන් සිදුකරන ස්ථාන පරීක්ෂා කර, යෝග්‍යතා සහතික නිකුත් කිරීමේ බලය ඔවුන්ට ලබාදීමට ද රජය සැලසුම් කර ඇත. මෙමගින් මගී ප්‍රවාහනයේ ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්