සිරස්තල
ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක්

නවසීලන්ත නියෝජ්‍ය අගමැති දිවයිනට

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා නිල සංචාරයක් සඳහා අද (මැයි 25) අලුයම ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ

මිතුරන් සමග බෙදාගන්න

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා නිල සංචාරයක් සඳහා අද (මැයි 25) අලුයම ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ඒ මහතාව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් උණුසුම් ලෙස පිළිගෙන ඇති බව වාර්තා වේ.

මෙම නිල සංචාරය අතරතුරදී නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් හමුවීමට නියමිතයි. මෙම හමුවීම්වලදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා, වෙළඳ කටයුතු, ආයෝජන අවස්ථා සහ කලාපීය සහයෝගිතාව ඇතුළු විවිධ ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම සංචාරය හේතු වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

වෙනත් පුවත්

උණුසුම් පුවත්