ශ්‍රී ලංකාව පුරා පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර මහතා අනාවරණය කරනවා.
මහාචාර්ය මැදගෙදරට අනුව, මෙරට ශ්වසන රෝගීන්ගෙන් 9% – 13% අතර සංඛ්‍යාවකට මෙම නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී තිබෙනවා. කෙසේ වෙතත්, මෙම කොවිඩ් ආසාදනය බොහෝ දුරට හානිකර තත්ත්වයන් අවම, ඉතා අඩු බැරෑරුම් තත්ත්වයක පවතින බව ඔහු සඳහන් කළා.
නමුත්, වයස අවුරුදු 65ට වැඩි, ප්‍රතිශක්තිය අඩු රෝගීන්ට මෙම වෛරසය බැරෑරුම් තත්ත්වයකට පත්විය හැකි බව මහාචාර්යවරයා අවධාරණය කළා. එවැනි පුද්ගලයින් මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව ද ඔහු ප්‍රකාශ කළා.
වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර වැඩිදුරටත් සඳහන් කළේ, අනවශ්‍ය ලෙස කලබලවීමට අවශ්‍ය නොමැති වුවත්, විශේෂිත කණ්ඩායම් මෙම තත්ත්වය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි. සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, පිරිසිදුව සිටීම සහ රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් පැතීම වැදගත් බව ද ඔහු පෙන්වා දුන්නා.