විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස කටයුතු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යෝජනා කරන ලද රාජ්‍යතාන්ත්‍රිකයන් දස දෙනෙකුට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙම අනුමැතියත් සමඟ නම් කරන ලද තානාපතිවරුන්ට සහ මහකොමසාරිස්වරුන්ට සිය ධුරයන්හි වැඩකටයුතු ආරම්භ කිරීමට අවස්ථාව උදා වන බවයි.
මෙම පත්වීම් අතර මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් වාතාවරණය හමුවේ ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනය සඳහා සිදු කළ පත්වීම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී ඇත. නව රජයේ විදේශ ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මොවුන්ගේ ප්‍රධාන වගකීම වනු ඇත.