නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක්

නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ සිදුවූ රිච්ටර් මාපකයේ 6ක භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවා තිබෙනවා. මුල් විදෙස් මාධ්‍ය වාර්තා අනුව,

මිතුරන් සමග බෙදාගන්න

නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ සිදුවූ රිච්ටර් මාපකයේ 6ක භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවා තිබෙනවා.

මුල් විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මෙම භූමිකම්පාවෙන් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. කෙසේ වෙතත්, මේ වනතෙක් නිශ්චිත සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කර නැහැ.

ඊයේ (අගෝස්තු 31) මධ්‍යම රාත්‍රිය පසුවී සිදු වූ මෙම භූමිකම්පාවෙන් පීඩාවට පත් කලාපය, මෑතකදී ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයකින්ද පීඩා විඳිමින් සිටි බව වාර්තා වේ.

මෙම ප්‍රබල භූකම්පනය හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ කාබුල් සිට පාකිස්තානයේ ඉස්ලාමාබාද් දක්වා ගොඩනැගිලි සෙලවී තිබෙනවා. පළමු භූකම්පනයට අමතරව රිච්ටර් මාපකයේ 4.5 සහ 5.2 අතර අගයන් ගත් පසුකම්පන තත්ත්ව 3ක් ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආපදා කළමනාකරණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, සහන කටයුතු සිදුකිරීමට ජාත්‍යන්තර සහයද අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්