සිරස්තල

නිධන් හාරමින් සිටි DIG වරයෙකුගේ බිරිඳ ඇතුළු 8ක් අත්අඩංගුවට

අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බවට සැකපිට කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳක ඇතුළු පුද්ගලයන් 8 දෙනෙකු අනුරාධපුර පොලීසිය විසින්

මිතුරන් සමග බෙදාගන්න

අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බවට සැකපිට කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳක ඇතුළු පුද්ගලයන් 8 දෙනෙකු අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් ඊයේ (අගෝස්තු 14) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

පොලීසියට පසුගිය 13 වැනිදා ලැබුණු තොරතුරකට අනුව, ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ රත්‍රං දේවාලය අසල ඉඩමක පිරිසක් නිධන් හාරමින් සිටින බව දැනගන්නට ලැබී තිබෙනවා. ඒ අනුව එම ස්ථානයට ගිය පොලීසිය, මෙම කාන්තාව ඇතුළු 8 දෙනා අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, ඇය කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳක් බවයි. ඇය ප්‍රකාශ කර ඇත්තේ සිය නිවසට ආරක්ෂාවක් කරගැනීම සඳහා තමන් මෙම ස්ථානයට පැමිණි බවයි. මෙම පිරිස අතර කපුමහතෙකු ද සිටින බව පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බදුල්ල, මාලිගාතැන්න, පදවි ශ්‍රීපුර, ගිරාඳුරුකෝට්ටේ, වරකාපොල සහ අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්