සිරස්තල
සූකර ගොවීන්ට අලුත් රක්ෂණයක් “බලශක්ති මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරනවා” – ඉරානයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටාර් එමීර්වරයාගෙන් සහතිකයක් පරණ QR එක අලුත් කරගන්න අද (19) සිට නව පහසුකමක්, වෙනත් අංකවලට ලියාපදිංචි කළ වාහනවලට විසඳුම් ඉන්ධන නිකුත් කිරීමේදී අද (19) සිට ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ක්‍රියාත්මකයි අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම් දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට, මැදපෙරදිග සැපයුම් ජාලය යළි සක්‍රිය වෙයි බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැති වීම ඡන්දය භාවිත කිරීමට බාධාවක් නෙමේ – මැතිවරණ කොමසාරිස්

අද (මැයි 6 වැනිදා) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව තවමත් නොලැබුණු අය සිටී නම්, ඔවුන්ට ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට

මිතුරන් සමග බෙදාගන්න

අද (මැයි 6 වැනිදා) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව තවමත් නොලැබුණු අය සිටී නම්, ඔවුන්ට ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අවධාරණය කරයි.

ඊයේ පැවති අද දෙරණ 360 සජීවී වැඩසටහනට එක්වෙමින් කොමසාරිස්වරයා පැවසුවේ, යම් අයෙකුට තවමත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබී ඇත්නම්, අද දිනයේදීත් අදාළ උප තැපැල් කාර්යාල ඒ සඳහා විවෘතව ඇති බවයි. ඒ අනුව, එම උප තැපැල් කාර්යාල වෙත ගොස් තම ඡන්ද පත්‍රිකාව ලබාගත හැකි බව ද ඔහු පැවසීය.

කෙසේ වෙතත්, නිල ඡන්ද පත්‍රිකාව ලබා ගැනීමට නොහැකි වූ අයෙකුට වුවද, කිසිදු බාධාවකින් තොරව තම ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා,

“මේක නැතිවුණා කියලා ප්‍රශ්නයක් නෑ. මේක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. මේක නැතිවුණා කියලා ගැටළුවක් නෑ. ඡන්දය ප්‍රකාශ කිරීමේදි අත්‍යවශ්‍ය දෙයක් වෙන්නේ හැඳුනුම්පත. මේක ජාතික හැඳුනුම්පත වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වළංගු විදේශ ගමන් බලපත්‍රය, වළංගු රියදුරු බලපත්‍රය, යම් ලෙසකින් ඔබ විශ්‍රාමිකයෙක් නම් ඔබට රජයෙන් නිකුත් කර තිබෙනවා විශ්‍රාමික හැඳුනුම්පත ඒ හැඳුනුම්පත, ඒ වගේම සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ප්‍රාදේශීය ලේකම්වරු නිකුත් කරන වැඩිහිටි හැඳුනුම්පත තියෙනවා ඒක භාවිත කරන්න පුළුවන්, ඊටත් අමතරව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරනවා පූජ්‍ය/ පූජක සඳහා වෙනම හැඳුනුම්පතක් ඒ හැඳුනුම්පත භාවිත කරන්න පුළුවන්, ඊට අමතරව පසුගිය කාලයේදී හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාදයක් තිබුණා. ඒ නිසා ඔවුන් නිකුත් කළා පින්තූර සහිත ලියවිල්ලක් අන්න ඒ පින්තූර සහිත ලිපිය අපි භාර ගන්නවා. ඊට අමතරව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරලා තියෙනවා ආබාධිතයින් සඳහා හැඳුනුම්පතක්.

ඒ වගේම මේ මුකුත්ම නැති කෙනෙකුට තාවකාලික හැඳුනුම්පතක් නිකුත් කළා මැතිවරණ කාර්යාලවලින් මැතිවරණය සඳහා ඡන්දය පාවිච්චි කරන්න. මෙන්න මේ ලියකියවිලිවලින් එකක් තිබුණා නම් ඔබට ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්.”

වෙනත් පුවත්

උණුසුම් පුවත්