නීතීඥ ගුණරත්න වන්නිනායක අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

තමන්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. වන්නිනායක

මිතුරන් සමග බෙදාගන්න

තමන්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

වන්නිනායක මහතා සිය පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ, පසුගියදා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධාවක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය තමන්ව “අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමට” සූදානම් වන බවයි.

ඒ අනුව, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙසට ඔහු අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා ඇත.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

අභියාචනාධිකරණය විසින් මෙම රිට් පෙත්සම සලකා බැලීමට නියමිතය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්