අද (අප්‍රේල් 1) සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර නැවත ආරම්භ වේ. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, පසුගිය මාර්තු 14 වනදා සමඟින් පළමු අදියර අවසන් වූ අතර, දැන් නැවතත් ශිෂ්‍යයින් පාසල් බලා ගමන් කරන බවයි.
කෙසේවෙතත්, රාමසාන් උත්සවය සැමරීම සඳහා මුස්ලිම් පාසල් සඳහා අද දිනය නිවාඩු ලෙස ප්‍රකාශිත කර තිබේ.
මේ අතර, වසංගත රෝග විශේෂඥයින් අනතුරු අඟවන්නේ මේ දිනවල දරුවන් අතර පැපොල රෝගය පුළුල් ලෙස පැතිර යාම සම්බන්ධයෙන් ය. ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ, රෝග ලක්ෂණ සහිත ළමුන් පාසල් යැවීමෙන් වළකින්නැයි දෙමව්පියන්ට ඉල්ලීමක් කරයි.
එමෙන්ම, දැනට පවතින අධික උෂ්ණත්වය සැලකිල්ලට ගනිමින්, දරුවන් වරින් වර ප්‍රමාණවත් ජලය පානය කළ යුතු බවත්, තරමක් සෙරෙන් සිටීමට අවස්ථා ලබාදිය යුතු බවත් වෛද්‍යවරුන් අවධාරණය කරයි.
මේ අතර මේ දිනවල පවතින අධික උෂ්ණත්වයත් සමග ජලය පානය කිරීම ඉතා වැදගත් බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේය.