ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වඩෝදර ප්‍රදේශයේ පිහිටි ‘ගාම්භීර’ නම් පාලමක් කඩා වැටීමෙන් මේ වන විට පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
හින්දුස්තාන් පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම පාලමේ පසුපස කොටස කඩා වැටී ඇති අතර, එහි ඒ මොහොතේ ධාවනය වෙමින් තිබූ ට්‍රක් රථ දෙකක්, SUV රථයක්, පිකප් වෑන් රථයක් සහ ඔටෝ රික්ෂෝවක් මහීසගර් ගඟට ඇද වැටී සම්පූර්ණයෙන්ම ගිලී ගොස් ඇත.
ගුජරාට් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය භූපේන්ද්‍ර පටෙල් මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට නියෝග කර තිබෙනවා.
ගඟට වැටුණු පුද්ගලයන් බේරා ගැනීම සඳහා මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. කෙසේ වෙතත්, ප්‍රාන්ත බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ, අනතුරින් මියගිය ගණන තවදුරටත් ඉහළ යා හැකි බවයි.