සිරස්තල
නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි

පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වඩෝදර ප්‍රදේශයේ පිහිටි ‘ගාම්භීර’ නම් පාලමක් කඩා වැටීමෙන් මේ වන විට පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හින්දුස්තාන් පුවත් සේවය වාර්තා කරන

මිතුරන් සමග බෙදාගන්න

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වඩෝදර ප්‍රදේශයේ පිහිටි ‘ගාම්භීර’ නම් පාලමක් කඩා වැටීමෙන් මේ වන විට පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හින්දුස්තාන් පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම පාලමේ පසුපස කොටස කඩා වැටී ඇති අතර, එහි ඒ මොහොතේ ධාවනය වෙමින් තිබූ ට්‍රක් රථ දෙකක්, SUV රථයක්, පිකප් වෑන් රථයක් සහ ඔටෝ රික්ෂෝවක් මහීසගර් ගඟට ඇද වැටී සම්පූර්ණයෙන්ම ගිලී ගොස් ඇත.

ගුජරාට් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය භූපේන්ද්‍ර පටෙල් මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට නියෝග කර තිබෙනවා.

ගඟට වැටුණු පුද්ගලයන් බේරා ගැනීම සඳහා මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. කෙසේ වෙතත්, ප්‍රාන්ත බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ, අනතුරින් මියගිය ගණන තවදුරටත් ඉහළ යා හැකි බවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්