පෑනක ආකාරයට සකස් කරන ලද විදේශීය රටක නිෂ්පාදිත අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියක් සහ ඊට යොදන උණ්ඩ දෙකක් සමඟ තරුණයෙකු ගාල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු ඊයේ (ඔක්තෝබර් 06) ගාල්ල, මාපලගම මධ්‍යම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා විසිතුන් හැවිරිදි වියේ පසුවන්නෙකි. වාර්තා වන පරිදි, මෙම සැකකරු මීට පෙරද ගිනි අවියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුට මෙම සුවිශේෂී පෙනුමකින් යුත් විදේශීය ගිනි අවිය ලැබුණේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
මේ සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.