පිල්ලෙයාන්ගේ මඩකලපුවේ කාර්යාලයේ තිබී සැටලයිට් දුරකථනයක් හමුවෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් “පිල්ලෙයාන්” මහතාගේ මඩකලපුවේ පිහිටි කාර්යාලය ආශ්‍රිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් විසින් සිදුකරන

මිතුරන් සමග බෙදාගන්න

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් “පිල්ලෙයාන්” මහතාගේ මඩකලපුවේ පිහිටි කාර්යාලය ආශ්‍රිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් විසින් සිදුකරන පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

මෑතකදී මෙම කාර්යාලයේ සිදුකෙරුණු පරීක්ෂාවකදී, වැදගත් ලිපි ලේඛන තොගයක් සොයා ගෙන ඇති බව සඳහන් වේ. එසේම, එම කාර්යාලයේ තිබී ජංගම දුරකථන කිහිපයක් සහ සැටලයිට් දුරකථනයක් ද සොයාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙම පරීක්ෂණ සහ සොයාගැනීම් සම්බන්ධයෙන් CIDය මගින් පුළුල් විමර්ශනයක් දියත් කර ඇති අතර, එහි ප්‍රගතිය පිළිබඳව ඉදිරියේදී වැඩිදුර තොරතුරු අනාවරණය වනු ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්