සිරස්තල
නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර මැදපෙරදිග යුද ගිනි ඇවිළෙයි, පර්සියානු ගල්ෆ් කලාපයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි

පිල්ලෙයාන්ගේ මඩකලපුවේ කාර්යාලයේ තිබී සැටලයිට් දුරකථනයක් හමුවෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් “පිල්ලෙයාන්” මහතාගේ මඩකලපුවේ පිහිටි කාර්යාලය ආශ්‍රිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් විසින් සිදුකරන

මිතුරන් සමග බෙදාගන්න

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් “පිල්ලෙයාන්” මහතාගේ මඩකලපුවේ පිහිටි කාර්යාලය ආශ්‍රිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් විසින් සිදුකරන පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

මෑතකදී මෙම කාර්යාලයේ සිදුකෙරුණු පරීක්ෂාවකදී, වැදගත් ලිපි ලේඛන තොගයක් සොයා ගෙන ඇති බව සඳහන් වේ. එසේම, එම කාර්යාලයේ තිබී ජංගම දුරකථන කිහිපයක් සහ සැටලයිට් දුරකථනයක් ද සොයාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙම පරීක්ෂණ සහ සොයාගැනීම් සම්බන්ධයෙන් CIDය මගින් පුළුල් විමර්ශනයක් දියත් කර ඇති අතර, එහි ප්‍රගතිය පිළිබඳව ඉදිරියේදී වැඩිදුර තොරතුරු අනාවරණය වනු ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්