ටී.එම්.වී.පී පක්ෂයේ නායක සහ නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත්භාවයෙන් සිට ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළා. ඒ, මේ වන විට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන කල් තැබීමේ විවාදයේදී අදහස් දක්වමින්.
අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසුවා: “පිල්ලෙයාන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සිද්ධ වෙන අවස්ථාවේ මඩකලපු බන්ධනාගාරයේ ඔහු පූර්ව දැනුවත් භාවයකින් හිටියයි කියන එක සාක්ෂි, තොරතුරු මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. විමර්ශන ආශ්‍රයෙන්.”
නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්, 2025 අප්‍රේල් 08 වන දින නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති සුබ්‍රමනියම් රවිනාත් අතුරුදහන් කිරීම, මඩකලපුව පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම, නීති විරෝධී ගිනි අවි භාවිතා කිරීම යන වැරදි යටතේ අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් නියෝග මත රඳවා වැඩිදුර පරීක්ෂණ සිදුකරගෙන යන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, පිල්ලෙයාන් 2019 අප්‍රේල් 21 වන දිනට පෙර, එනම් පාස්කු ප්‍රහාරය සිදුවන විට, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පර්යාසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටි බවයි.
මෙම නව අනාවරණය පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට නව මානයක් එක් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.