සිරස්තල
නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි

පොලිස් සේවා ගාස්තු ඉහළ දමයි

පොලිසිය විසින් මහජනතාවට සපයන සේවාවන් සඳහා අය කරන ගාස්තු ඉහළ නැංවීමට පියවර ගෙන ඇත. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් නිකුත් කරන ලද නව චක්‍රලේඛයක් මගින්

මිතුරන් සමග බෙදාගන්න

පොලිසිය විසින් මහජනතාවට සපයන සේවාවන් සඳහා අය කරන ගාස්තු ඉහළ නැංවීමට පියවර ගෙන ඇත. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් නිකුත් කරන ලද නව චක්‍රලේඛයක් මගින් මෙම වෙනස්කම් සිදුකර තිබේ. මීට පෙර ක්‍රියාත්මක වූ 2023 ජූනි 02 දිනැති චක්‍රලේඛය මේ අනුව අවලංගු වේ.

නව ගාස්තු සංශෝධනවලට අනුව, ශබ්ද විකාශන බලපත්‍රයක දිනක ගාස්තුව රුපියල් 300 සිට රුපියල් 2000 දක්වා වැඩි කර ඇත. පාසල් ප්‍රදර්ශන සඳහා පොලිස් සුනඛයන් ලබා දීමේ ගාස්තුව පැය එකහමාරකට රුපියල් 3000 සිට රුපියල් 20000 දක්වා ඉහළ නංවා ඇති අතර, දුර සීමාව සහ ගාස්තු අය කිරීම හෝ නොකිරීම පශු වෛද්‍ය නිර්දේශය සහ පොලිස්පතිගේ අනුමැතිය මත තීරණය කෙරේ.

එමෙන්ම, අශ්වයෙකුගේ සේවය පැය එකහමාරකට ලබා ගැනීම සඳහා අය කළ රුපියල් 6000ක ගාස්තුව රුපියල් 30000 දක්වා වැඩි කර ඇත. ආසන්නම පොලිස් ස්ථානයට වාහනයක් ඇදගෙන යාමේ ගාස්තුව රුපියල් 600 සිට රුපියල් 5000 දක්වා ඉහළ දමා තිබේ.

එක් ඇඟිලි සටහන් වාර්තාවක් සඳහා අය කළ ගාස්තුව රුපියල් 150 සිට රුපියල් 500 දක්වා ද, කිමිදුම් උපකරණ සඳහා ගාස්තුව රුපියල් 2400 සිට රුපියල් 4000 දක්වා ද, ජීවිතාරක්ෂක සහ කොස්වේන් උපකරණ සඳහා ගාස්තුව රුපියල් 1200 සිට රුපියල් 5000 දක්වා ද වැඩි කර ඇත.

මීට අමතරව, මින් පෙර නොමිලේ ලබාදුන් පොලිස් වාර්තා සඳහා දේශීය අවශ්‍යතා වෙනුවෙන් රුපියල් 300ක ගාස්තුවක් අය කිරීමට නියම කර ඇත.

තවද, පොලිස් වාහන සහ යාත්‍රා පෞද්ගලික භාවිතය සඳහා ලබා දීමේදී සිදුවිය හැකි හානි සඳහා රක්ෂණයක් ලබා ගැනීමට අදාළ පාර්ශ්වයන්ට නියම කළ යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්