බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් වන අතර, මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් වීම විශේෂත්වයක්.
නවක ක්‍රීඩකයින් ලෙස ලහිරු උදාර, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, පවන් රත්නායක, තරිඳු රත්නායක සහ ඉසිත විජේසුන්දර නම් කර තිබෙනවා. කෙසේ වෙතත්, මුලින් සංචිතයට නම් කර සිටි ලහිරු කුමාර, පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් පළමු තරගයට ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන ජූනි 17 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ 2025-2027 ටෙස්ට් ලෝක ශූරතාවලියේ පළමු තරගාවලිය වීම නිසා එයට විශේෂ වැදගත්කමක් හිමිවනවා. මෙම නවකයන්ට ජාත්‍යන්තර පිටියේදී තම දක්ෂතා පෙන්වීමට මෙය කදිම අවස්ථාවක් වනු ඇත.