සිරස්තල
වෙඩි වැදීමෙන් රෝගාතුර වූ හස්තියාගේ තත්ත්වය බරපතලයි බංග්ලාදේශ පුහුණුකරු සිමන්ස් ශ්‍රී ලංකා සංචාරය මැද පිටත්ව යයි ගණේමුල්ලේ සංජීවගේ සමීපතමයෙක් රාගමදී වෙඩි තබා ඝාතනය කරයි AliExpress භාණ්ඩ ගෙන්වීම නවත්වලා නැහැ – රේගුවෙන් පැහැදිලි කිරීමක් බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට ඉන්දු-ඇමරිකා වෙළඳ ගිවිසුම ජූලි 8 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිතයි ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

බංග්ලාදේශ පුහුණුකරු සිමන්ස් ශ්‍රී ලංකා සංචාරය මැද පිටත්ව යයි

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය අතරතුර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ, සිමන්ස් ඊයේ (ජූලි

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය අතරතුර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ, සිමන්ස් ඊයේ (ජූලි 04) ලන්ඩන් බලා පිටත්ව ගොස් ඇති බවයි.

ඔහු මෙලෙස ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇත්තේ, කලින් නියම කර ගත් වෛද්‍ය උපදේශන කටයුතු වෙනුවෙන් බව තොරතුරු වාර්තා වේ.

බංග්ලාදේශ කණ්ඩායමේ කළමනාකරු නෆීස් ඉක්බාල් සඳහන් කළේ, ප්‍රතිකාරවලින් අනතුරුව ලබන ජූලි 08 වනදා පැවැත්වෙන අවසන් එක්දින තරගය වෙනුවෙන් ජූලි 07 වනදා ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

කෙසේ වෙතත්, බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරුට අද (ජූලි 05) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ දී කණ්ඩායම සමඟ රැඳීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

ශ්‍රී ලංකාව සමඟ තරගාවලියට ආරම්භවීමට පෙර සිමන්ස් මේ සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කර ඊට අනුමැතිය ලබාගෙන තිබුණා. ෆිල් සිමන්ස්ට පසුගිය පෙබරවාරි මාසයේ දී මෙම වෛද්‍ය උපදේශන කටයුතු සඳහා වෛද්‍යවරුන් හමුවීමට තිබුණද, චැම්පියන්ස් කුසලානය හේතුවෙන් ඔහුට එය මඟ හැරී තිබුණා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්