බලශක්ති අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව ලබා දුන් සේවා දිගුවක් අවලංගු කරයි

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එච්.පී. නිරෝෂාන් මහතාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමේ තීරණය විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අවලංගු කර තිබේ. බලශක්ති

මිතුරන් සමග බෙදාගන්න

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එච්.පී. නිරෝෂාන් මහතාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමේ තීරණය විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අවලංගු කර තිබේ.

බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා වන්නේ, අමාත්‍යංශ ලේකම්වරයා විසින් මෙම සේවා දිගුව ලබා දී ඇත්තේ විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි විදේශගතව සිටි කාලයේදී සහ ඔහුට නොදන්වා බවයි.

අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව ලබා දී ඇති මෙම සේවා දිගුව වහාම අවලංගු කරන ලෙසට අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇත.

ඒ අනුව, මේ වන විට විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර පුරප්පාඩුව පවතින බව වාර්තා වේ. මෙම සිදුවීම අමාත්‍යංශයේ පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු කර තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්