සිරස්තල
ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ

බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය

බස් ගාස්තු සියයට 2කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය විසින් අද (ජූනි 25) බස් සංගම් වෙත දැනුම්දී තිබෙනවා. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, ප්‍රවාහන

මිතුරන් සමග බෙදාගන්න

බස් ගාස්තු සියයට 2කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය විසින් අද (ජූනි 25) බස් සංගම් වෙත දැනුම්දී තිබෙනවා. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන් සහ බස් සංගම් අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදීයි.

ජූලි 01 වනදා සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සිදු වුණා.

කෙසේවෙතත්, රජයේ යෝජනාවට බස් සංගම් සිය අකමැත්ත පළකර ඇති බව සඳහන්.

යම් ලෙසකින් බස් ගාස්තුව 2%කින් අඩු කළහොත්, පළමු සහ දෙවන ගාස්තු කලාපවල (minimum fare) කිසිදු සංශෝධනයක් සිදු නොවනු ඇති අතර, ඉන් ඉදිරියට පවතින ගාස්තු කලාපවල පමණක් සංශෝධනයක් සිදුවනු ඇතැයි වාර්තා වේ.

බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් රජය සහ බස් සංගම් අතර අවසන් තීරණයක් ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඉදිරියේදී දැනගැනීමට හැකිවනු ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්