සිරස්තල
දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි මාලිංගගේ උපදේශක ධුරය ලෝක කුසලානය අවසන් වනතුරු දීර්ඝ කෙරේ ඉරානයට ට්‍රම්ප්ගෙන් අවසන් නිවේදනයක් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ CID යට එන්න බැරි බව දැනුම් දෙයි විදේශීය දුම්වැටි 12,000ක් සමඟ ගම්පොළ පුද්ගලයෙකු කටුනායකදී කොටු වෙයි අමෙරිකාවේ පාසල් හොකී තරගයක් අතරතුර වෙඩි තැබීමක් පැතුම්ගේ ඓතිහාසික ශතකයෙන් ඔස්ට්‍රේලියාව පරදී, ශ්‍රී ලංකාව ලෝක කුසලාන ‘සුපිරි 8’ වටයට සාමාන්‍ය පෙළ හෙට ඇරඹේ, කාලසටහන ගැන විභාග කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ දැනුම්දීමක් සුපිරි 8 සිහිනය වෙනුවෙන් ශ්‍රී ලංකාව අද ප්‍රබල ඔස්ට්‍රේලියාවට එරෙහිව පල්ලෙකැලේදී සටනට ඉන්දු – පාකිස්ථාන මහා සටනින් ඉන්දියාවට ලකුණු 61ක විශිෂ්ඨ ජයක්

බොරලැස්ගමුවේ බෝම්බ ප්‍රහාරය ගැන මෛත්‍රීගෙන් ප්‍රශ්න කෙරේ

2008 වසරේ බොරලැස්ගමුවේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධ නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) කොළඹ මහාධිකරණය හමුවේ

මිතුරන් සමග බෙදාගන්න

2008 වසරේ බොරලැස්ගමුවේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධ නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිට සාක්ෂි ලබා දුන්නේය.

එම බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාව ඝාතනය කිරීමේ අරමුණින් 2008 ඔක්තෝබර් 10 වැනිදාය. මෙම ප්‍රහාරයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ විභාගයට ගැනිණි.

මීට පෙර නිකුත් කළ නියෝගයකට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාක්ෂි දීම සඳහා අධිකරණයට පැමිණියේය. නඩුවේ පළමු සාක්ෂිකරු ලෙස ඔහුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසු ඔහුව නිදහස් කිරීමට අධිකරණය නියම කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්