මහනුවර නගරයේ ප්‍රදේශ කිහිපයකට අද (මැයි 28) දහවල් 2.00 සිට ලබන සිකුරාදා (මැයි 30) අලුයම 2.00 දක්වා පැය 36ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට මහනුවර නගර සභාව පියවර ගෙන තිබෙනවා.
මෙම ජල කප්පාදුව හේතුවෙන් පේරාදෙණිය පාර, විලියම් ගොපල්ලව මාවත (උසාවි සංකීර්ණය අසල සිට නගර සභා හන්දිය දක්වා කොටස), අස්ගිරිය, වැව රවුම, රජ පිහිල්ල මාවත, බූවැලිකඩ, තැන්නකුඹුර, ගුරුදෙනිය, අම්පිටිය, සහ මහනුවර නගර මධ්‍යයේ සියලුම වීථි ආශ්‍රිත ප්‍රදේශවලට බලපෑම් එල්ල වනු ඇත.
මෙම දීර්ඝ ජල කප්පාදුවට හේතුව වී ඇත්තේ මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ ඉදිකිරීම් කටයුතු අතරතුර සිදුවූ ජල නල පද්ධතියේ බිඳවැටීමක් බවයි මහනුවර නගර සභාව සඳහන් කරන්නේ.