ලොව පුරා කිතුණු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේදී දිවි පිදූ දිනය අද (18) මහ සිකුරාදා ලෙස සමරයි.
යේසුස් ක්‍රිස්තුස්ගේ දුක් විඳීම සිහිපත් කරමින් කිතුනුවන් අළු බදාදා සිට දින 40 ක් පුරා නිරාහාරව සිටීම, පරිත්‍යාග කිරීම සහ ක්‍රිස්තුස්ගේ කුරුස ගමන සිහිපත් කරමින් පාද වන්දනාවේ යෙදීම වැනි ආගමික වතාවත්වල නිරත වේ.
යේසුස් ක්‍රිස්තුස්ගේ කුරුසියේ මරණය අද සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් නැවත නැඟිටීම සිහිපත් කරන පාස්කු ඉරිදා එළඹෙන ඉරිදාට යෙදී ඇත.
මේ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
පාස්කු ඉරිදා දිනයට සමගාමීව ආරක්ෂක පියවර ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් රට තුළ අවශ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස ද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත.