මාරවිල, මූදු කටුව වෙරළ තීරයට මළ සිරුරක් ගොඩ ගසා ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මාරවිල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, එම මළ සිරුරේ හිස, අත් සහ කකුල් නොතිබූ අතර, නිල් පැහැති කොට කලිසමක් සහිත ශරීරයේ ඉතිරි කොටස පමණක් තිබූ බවයි.
මෙම මළ සිරුර පිරිමි පුද්ගලයෙකුගේ විය හැකි බවට පොලීසිය සැක පළ කරනවා. මාරවිල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මූලික පරීක්ෂණ සිදු කිරීමට නියමිත අතර, මාරවිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.