සිරස්තල
කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක් රටේ තෙල් හිඟයක් නෑ – ඛනිජ තෙල් සංස්ථාවෙන් ජනතාවට සහතිකයක් “ඊශ්‍රායල ආක්‍රමණශීලීත්වයට දඬුවම් දීම අවසන් මොහොත දක්වාම සිදුවුණා” – ඉරානයෙන් ප්‍රකාශයක් කටාර් රාජ්‍යයේ ඇමරිකානු කදවුරකට ඉරානයෙන් ප්‍රහාර

මාලදිවයින තුළට ඊශ්‍රායල් ජාතිකයින්ට පැමිණීම තහනම් කරයි

ඊශ්‍රායල් විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින්ට මාලදිවයිනට ඇතුළුවීම තහනම් කිරීමට මාලදිවයින රජය තීරණය කර ඇත. මාලදිවයිනේ පාර්ලිමේන්තුව වන මහජන මජ්ලිස් විසින් 2025 අප්‍රේල් 15 වන

මිතුරන් සමග බෙදාගන්න

ඊශ්‍රායල් විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින්ට මාලදිවයිනට ඇතුළුවීම තහනම් කිරීමට මාලදිවයින රජය තීරණය කර ඇත.

මාලදිවයිනේ පාර්ලිමේන්තුව වන මහජන මජ්ලිස් විසින් 2025 අප්‍රේල් 15 වන දින පැවති සැසිවාරයේදී ආගමන නීතියට සංශෝධනයක් සම්මත කිරීමෙන් පසු මාලදිවයිනේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු විසින් මෙම තීරණය අනුමත කරන ලදී.

මෙම සංශෝධනය මගින් ආගමන නීතියට නව නීතිමය ප්‍රතිපාදනයක් එකතු කරන අතර, ඊශ්‍රායල් විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින්ට මාලදිවයිනට ඇතුළුවීම පැහැදිලිවම තහනම් කරන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

ඊශ්‍රායලය විසින් පලස්තීන ජනතාවට එරෙහිව සිදුකරන අඛණ්ඩ ප්‍රචණ්ඩ ක්‍රියා සහ ජන සංහාරයන්ට ප්‍රතිචාරයක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව රජය පවසා ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්