සිරස්තල
ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක්

මැදපෙරදිග අර්බුදයේ බලපෑම පාලනයට විශේෂ කමිටු 03ක්

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකයට සහ බලශක්ති ක්ෂේත්‍රයට එල්ල විය හැකි දැඩි අභියෝග කළමනාකරණය කර ගැනීම සඳහා විශේෂ කමිටු තුනක් පත්

මිතුරන් සමග බෙදාගන්න

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකයට සහ බලශක්ති ක්ෂේත්‍රයට එල්ල විය හැකි දැඩි අභියෝග කළමනාකරණය කර ගැනීම සඳහා විශේෂ කමිටු තුනක් පත් කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. අද පාර්ලිමේන්තු සභාවාරය අමතමින් ඇය අවධාරණය කළේ, පැයෙන් පැය වෙනස් වන ගෝලීය දේශපාලනික වෙනස්කම් හමුවේ මෙරට ජන ජීවිතය සුරක්ෂිත කිරීමට රජය උපරිම පියවර ගනිමින් සිටින බවයි.

අග්‍රාමාත්‍යවරිය සඳහන් කළ පරිදි, ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමත වූ මෙම විශේෂ කමිටු ත්‍රිත්වය පහත ක්ෂේත්‍ර නියාමනය කිරීම සඳහා පත් කර ඇත,

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා කමිටුව: වෙළඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සේවාවන් හිඟයකින් තොරව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා.

රාජ්‍ය සේවා කළමනාකරණ කමිටුව: ආර්ථික පීඩනය හමුවේ රාජ්‍ය සේවය බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස.

බලශක්ති සුරක්ෂිතතා කමිටුව: රටේ බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීමට සහ පවතින සංචිත විධිමත් ලෙස පරිහරණය කිරීම නිරීක්ෂණය කිරීමට.

“අපේ පාලනයෙන් පිටත සිදුවන මෙම ගෝලීය සිදුවීම් නිසා අපේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වෙනවා. මෙම චලනයන් හඳුනාගෙන ඒවායේ බලපෑම කළමනාකරණය කිරීම රජය සතු විශාල වගකීමක්,” යැයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය. විදේශීය බලපෑම් හමුවේ මෙරට බලශක්ති හා ආර්ථික ස්ථාවරත්වය රැක ගැනීමට මෙම කමිටු හරහා කඩිනම් උපායමාර්ගික තීන්දු ගන්නා බව ද ඇය සහතික කළාය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්