හබරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේදී අද සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලිසිය වාර්තා කරන පරිදි, ඇඟලුම් සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක්, තවත් බස් රථයක සහ ගොයම් කපන යන්ත්‍රයක් පටවාගෙන ගිය ට්‍රැක්ටරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මෙම ගැටීමෙන් වාහන තුනටම දැඩි හානි සිදුවී ඇති බව වාර්තා වේ.
අනතුරින් තුවාල ලැබූවන් අතර බස් රථවල ගමන් ගත් මගීන් හත් දෙනෙකු ද වන අතර, ඔවුන් වහාම හබරණ සහ පොළොන්නරුව රෝහල් වෙත ඇතුළත් කර තිබේ. තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහල වෙත මාරු කර යැවූ බව ද පොලිසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, මාර්ගයේ පවතින අධික වාහන තදබදය පාලනය කිරීමට ද පියවර ගෙන ඇත.