කොළඹ – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ, මින්නේරිය, බටුඔය ප්‍රදේශයේ අද (අගෝස්තු 12) අලුයම සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් 26 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, අද අලුයම 3:00ට පමණ මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
තුවාල ලැබූ පුද්ගලයන් පොළොන්නරුව, මින්නේරිය සහ හිඟුරක්ගොඩ රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග අනුව, තුවාල ලැබූවන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.
මින්නේරිය පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා. අනතුරට හේතුව පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වී නැහැ.