මියන්මාර් – මැන්ඩලේ හි හටගත් ප්‍රබල භූකම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,002 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් පුද්ගලයින් 2,376 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් 30 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙහි වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ, මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේටයි.
ඊයේ ඇතිවූ රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබලත්වයෙන් යුතු මෙම භූකම්පනයෙන් තායිලන්තයේ බැංකොක් නුවරට ද දැඩි බලපෑම් එල්ල වී තිබුණා. විදෙස් වාර්තා සදහන් කළේ ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි.