ප්‍රවීණ රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මූල්‍ය වංචා සම්බන්ධයෙන් නිකුත් කර ඇති වරෙන්තු 7ක් මත ඇය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. තංගල්ල, මාතර සහ කොළඹ අධිකරණවලින් මෙම වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඊයේ (10) රාත්‍රියේ වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය අද (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.