ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ මෙතෙක් ජයග්‍රහණය කළ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ඊයේ (ජූනි 16) රාත්‍රියේ වාර්තා වුණා.
ජාතික ලොතරැයි මණ්ඩලයේ ‘මෙගා පවර්’ ලොතරැයියේ 2210 වන දිනුම් වාරය සඳහා හිමිව තිබූ සුපිරි ත්‍යාගය වන රුපියල් 474,599,422 (හතළිස් හත් කෝටි හතළිස් පන්දහස් අනූනවදහස් හාරසීය විසි දෙකක්) මෙලෙස වාසනාවන්තයෙකුට හිමි වී තිබෙනවා.
මෙම ජයග්‍රාහී ලොතරැයි පත ජාතික ලොතරැයි මණ්ඩලයේ ගොකරැල්ල ප්‍රදේශයේ අලෙවි නියෝජිතවරිය වන එච්.ඒ. ජානකී හේමමාලා මහත්මිය විසින් අලෙවි කර තිබීමද සුවිශේෂී කරුණක්.
මෙරට ලොතරැයි ඉතිහාසයේ මීට පෙර ජයග්‍රහණය කර තිබූ දැවැන්තම ත්‍යාග මුදල වූයේ රුපියල් කෝටි 23ක මුදලකි. එම ත්‍යාග මුදලද හිමිකර දුන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ‘මෙගා පවර්’ ලොතරැයියෙන් වීම මෙහි තවත් විශේෂත්වයකි.
මෙම දැවැන්ත ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවේ ලොතරැයි ක්ෂේත්‍රය තුළ නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.