සිරස්තල
ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ

මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි

ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ මෙතෙක් ජයග්‍රහණය කළ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ඊයේ (ජූනි 16) රාත්‍රියේ වාර්තා වුණා. ජාතික ලොතරැයි මණ්ඩලයේ ‘මෙගා පවර්’ ලොතරැයියේ 2210 වන

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ මෙතෙක් ජයග්‍රහණය කළ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ඊයේ (ජූනි 16) රාත්‍රියේ වාර්තා වුණා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ ‘මෙගා පවර්’ ලොතරැයියේ 2210 වන දිනුම් වාරය සඳහා හිමිව තිබූ සුපිරි ත්‍යාගය වන රුපියල් 474,599,422 (හතළිස් හත් කෝටි හතළිස් පන්දහස් අනූනවදහස් හාරසීය විසි දෙකක්) මෙලෙස වාසනාවන්තයෙකුට හිමි වී තිබෙනවා.

මෙම ජයග්‍රාහී ලොතරැයි පත ජාතික ලොතරැයි මණ්ඩලයේ ගොකරැල්ල ප්‍රදේශයේ අලෙවි නියෝජිතවරිය වන එච්.ඒ. ජානකී හේමමාලා මහත්මිය විසින් අලෙවි කර තිබීමද සුවිශේෂී කරුණක්.

මෙරට ලොතරැයි ඉතිහාසයේ මීට පෙර ජයග්‍රහණය කර තිබූ දැවැන්තම ත්‍යාග මුදල වූයේ රුපියල් කෝටි 23ක මුදලකි. එම ත්‍යාග මුදලද හිමිකර දුන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ‘මෙගා පවර්’ ලොතරැයියෙන් වීම මෙහි තවත් විශේෂත්වයකි.

මෙම දැවැන්ත ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවේ ලොතරැයි ක්ෂේත්‍රය තුළ නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්