සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක්

දිගු කලක් තිස්සේ පැවති මතභේදාත්මක තත්ත්වයට නිමාවක් තබමින්, මෙවර සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලු පාර්ශ්වයන්ට එකඟ විය හැකි ‘ඒකාබද්ධ රාජ්‍ය නැකැත් සීට්ටුවක්’ ප්‍රකාශයට

මිතුරන් සමග බෙදාගන්න

දිගු කලක් තිස්සේ පැවති මතභේදාත්මක තත්ත්වයට නිමාවක් තබමින්, මෙවර සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලු පාර්ශ්වයන්ට එකඟ විය හැකි ‘ඒකාබද්ධ රාජ්‍ය නැකැත් සීට්ටුවක්’ ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා අද (16) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය.

මෙම තීරණාත්මක එකඟතාවයට එළඹ ඇත්තේ ඈපා පංචාංග ලිත් කතෘ ඉන්දික ඈපා සෙනවිරත්න, තිරසර පංචාංග ලිත් කතෘ චමත් කොතලාවල සහ විකල්ප නැකත් ඉදිරිපත් කළ ජ්‍යොතිර්වේදීන් කණ්ඩායම අමාත්‍යවරයා සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය. ඒ අනුව, හෙට (17) දිනයේ මෙම ඒකාබද්ධ නැකැත් සීට්ටුව මුද්‍රණය කර නිල වශයෙන් ජනතාව වෙත නිකුත් කිරීමට රජය සැලසුම් කර ඇත.

පසුගිය 2024 වසරේදී එවකට පැවති පාලනය විසින් ‘රාජ්‍ය නැකැත් කමිටුව’ විසුරුවා හැරීමත් සමඟ මෙවර අවුරුදු නැකැත් සකස් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අතර දැඩි මත ගැටුම් නිර්මාණය වී තිබුණි. විශේෂයෙන්ම පෝය කමිටුව මගින් නැකැත් ඉදිරිපත් කිරීම පිළිබඳව ජ්‍යොතිර්වේදීන් සිය අප්‍රසාදය පළ කර සිටි අතර, විධිමත් රාජ්‍ය නැකැත් කමිටුවක් පත් කරන ලෙස රජයට බලපෑම් එල්ල විය.

එම ගැටලුකාරී වාතාවරණය හමුවේ, ‘සර්වජන බලය’ පක්ෂය මැදිහත් වී විද්වත් ජ්‍යොතිර්වේදීන් 17 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පොදු නැකැත් සීට්ටුවක් සකස් කිරීමට මූලික පියවර ගෙන තිබුණි. එම උත්සාහයන්ගේ සහ රජයේ මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස දැන් සියලු දෙනාටම එකඟ විය හැකි එක් අවුරුදු නැකැත් චාරිත්‍ර මාලාවක් මුළු රටටම ලැබීමට නියමිතය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්