සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දියාවෙන් නිල නිවේදනයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දියාව නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍ය

මිතුරන් සමග බෙදාගන්න

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දියාව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මස 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වෙනු ඇති බවය.

මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග ද්විපාර්ශ්වි සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙරට රැඳීසිටින කාලය තුළදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අනුරාධපුර ජය ග්‍රී මහා බෝධීන් වහන්නේ වැඳපුදා ගැනීමට සහ ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමට නියමිත බවද සඳහන් වෙයි.

එමෙන්ම මෙම සංචාරය තුළදී දෙරට අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කරගැනීමට ද නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙම සංචාරය සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා, ජාතික ආරක්ෂක උපදේශකවරයා, ඉන්දීය විදේශ ලේකම්වරයා සහ ඉන්දීය රජයේ තවත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගීවීමට නියමිත බවද එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්