සිරස්තල
ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක්

යුද ජයග්‍රහණයට අදට වසර 16යි

ශ්‍රී ලංකාවේ පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 16ක් සපිරේ. 2009 මැයි 18 වන දින නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් හමුදා භටයින් අතින්

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාවේ පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 16ක් සපිරේ. 2009 මැයි 18 වන දින නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් හමුදා භටයින් අතින් මිය යාමත් සමඟ දිගුකාලීන කුරිරු යුද්ධය අවසන් විය.

ලෝකයේ විශාලතම මානුෂීය මෙහෙයුම ලෙස සැලකෙන මෙහෙයුම මගින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදා ගැනීමේ ගෞරවය ද ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට හිමි වේ.

මෙම යුද ජයග්‍රහණයට වසර 16ක් පිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය” හෙට (19) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පස්වරු 4 සිට 6 දක්වා පැවැත්වීමට නියමිතය.

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට ත්‍රස්තවාදය පරාජය කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට නියමිතය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්