සිරස්තල
ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක්

රටවල් 19 අතරින් ශ්‍රී ලංකාව 9වන ස්ථානයේ

සෞදි අරාබියේ පැවති ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ද ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමි විය. ශ්‍රී

මිතුරන් සමග බෙදාගන්න

සෞදි අරාබියේ පැවති ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ද ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමි විය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම ඉසව්ව නිම කිරීම සඳහා විනාඩි 2.14.25ක කාලයක් ගත කළ අතර, එය නව ශ්‍රී ලංකා යොවුන් වාර්තාවක් ද විය.

රන් පදක්කම දිනාගත්තේ විනාඩි 2.11.11කින් තරගය නිම කළ චීනයයි.

ලෝකඩ පදක්කම හිමිවූයේ විනාඩි 2.15.00කින් ඉසව්ව අවසන් කළ තායිලන්තයටයි.

ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ සංවිධානයෙන් කටීෆ් හි දින හතරක් පැවති මෙම තරගාවලිය ඊයේ (18) අවසන් වූ අතර, එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගනිමින් සමස්ත පදක්කම් 8ක් ලබා ගත්තේය.

ඒ අනුව, තරගාවලියට සහභාගී වූ රටවල් අතරින් අවම වශයෙන් ලෝකඩ පදක්කමක් හෝ දිනූ රටවල් 19 අතරින් ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 9වන ස්ථානයට පත්විය.

මෙවර ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් සංඛ්‍යාව ආසියානු වයස අවුරුදු 18න් පහළ ශූරතාවලියකදී මෙරට දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ද වේ. අවසන් වරට 2023 වසරේ පැවති මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූයේ රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 2ක් පමණි.

රන් පදක්කම් 19ක්, රිදී පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කම් 5ක් දිනාගත් චීනය පදක්කම් සටහනේ පළමු ස්ථානය දිනාගත් අතර, ජපානය රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් දෙවන ස්ථානයට පත්විය.

සත්කාරක සෞදි අරාබිය රන් පදක්කම් 3ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගනිමින් තෙවන ස්ථානය හිමි කර ගත්තේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්