රණවිරු සැමරුම් උත්සවයට ජනපති සහභාගී වෙයි

හෙටට (19) යෙදෙන යුද ජයග්‍රහණයේ 16 වන සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට තීරණය කර ඇත. රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත්

මිතුරන් සමග බෙදාගන්න

හෙටට (19) යෙදෙන යුද ජයග්‍රහණයේ 16 වන සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට තීරණය කර ඇත.

රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන මහතා අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, මීට පෙර රජය නිවේදනය කර තිබුණේ මෙවර ජාතික රණවිරු දින සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි.

හෙට (19) පස්වරු 4.00 සිට 6.00 දක්වා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්