කොළඹ “සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා” පරිශ්‍රයේ නව කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවය සඳහා බොලිවුඩයේ සුපිරි නළුවෙකු වන රිතික් රෝෂන් සහභාගී වීමට නියමිත බව වාර්තා වෙනවා.
අගෝස්තු 02 වනදා පැවැත්වෙන මෙම උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස රිතික් රෝෂන් ශ්‍රී ලංකාවට පැමිණෙන බව “සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා” නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබෙනවා.
මීට පෙර මෙම කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවයේ විශේෂ ආරාධිතයා වශයෙන් බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන් සහභාගී වන බවට දැනුම් දී තිබුණත්, පසුව නොවැළැක්විය හැකි පෞද්ගලික හේතුවක් මත ඔහුට මෙම අවස්ථාවට සහභාගී වීමට නොහැකි බව දැනුම් දී තිබුණා.