ලංගම-පෞද්ගලික බස් ඒකාබද්ධ ගමන්වාර අද සිට

කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස්රථ අංගනයේ සිට, ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ ගමන්වාර අද (අගෝස්තු 26) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව ජාතික

මිතුරන් සමග බෙදාගන්න

කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස්රථ අංගනයේ සිට, ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ ගමන්වාර අද (අගෝස්තු 26) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව නිවේදනය කළා.

ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ, මෙම ඒකාබද්ධ සේවාව යටතේ බස් රථ නිෂ්චිත වේලාවකට පිටත්වී, නිෂ්චිත වේලාවට ගමනාන්තය වෙත ළඟා වනු ඇති බවයි. “ඒ වගේම පිටත්වෙන බස් රථයෙන් බස් රථයට ඇති කාල පරාසය නිෂ්චිත කරලා තියෙනවා,” ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම ඒකාබද්ධ කාලසටහන යාපනය, මන්නාරම සහ තලෙයිමන්නාරම වැනි ප්‍රධාන මාර්ග ඔස්සේ කොළඹට පිවිසෙන සහ කොළඹින් පිටවන බස්රථ සඳහා මුලින්ම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, රජයේ මෙම තීරණයට එරෙහිව ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සංගම් විරෝධය පළ කරනවා. ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතියේ ප්‍රධාන ලේකම් බන්දුල රත්නායක මහතා ප්‍රකාශ කළේ, මෙම තීරණයට තමන් දැඩි ලෙස විරුද්ධ වන බවයි.

මෙම තීරණයට එරෙහිව ඊයේ (අගෝස්තු 25) කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ තුළ වෘත්තීය සමිති සාමාජිකයින් විරෝධතාවක ද නිරත වුණා. මෙම තත්ත්වය ඉදිරියේදී ප්‍රවාහන සේවා කෙරෙහි කෙසේ බලපානු ඇතිද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්