සිරස්තල
බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට ඉන්දු-ඇමරිකා වෙළඳ ගිවිසුම ජූලි 8 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිතයි ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී

“ලොකු පැටී” දිවයිනට රැගෙන එයි

“සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ, විදේශගතව සිටි ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා කියන ‘ලොකු පැටී’ කියන පුද්ගලයාව දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ලංකාවට ගෙනැවිත්

මිතුරන් සමග බෙදාගන්න

“සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ, විදේශගතව සිටි ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා කියන ‘ලොකු පැටී’ කියන පුද්ගලයාව දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ලංකාවට ගෙනැවිත් තිබෙනවා.

ඔහුව අත්අඩංගුවට ගත්තේ බෙලරූස් රාජ්‍යයේදී වන අතර, අද උදෑසන ඔහුව මෙරටට රැගෙන ඒමට නිලධාරීන් කටයුතු කළා.

මෙම ‘ලොකු පැටී’ කියන පුද්ගලයා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් විදිහටයි සැලකෙන්නේ.

ඒ වගේම ඔහුට විරුද්ධව මීට කලිනුත් අධිකරණවල විවිධ නඩු විභාග වෙමින් පවතිනවා.

ඒ අතර 2016දී වැලිපැන්නේදී හෙරොයින් ළඟ තියාගෙන ජාවාරම් කිරීම, 2017දී පිළියන්දලදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට සහ බරපතළ තුවාල සිදු කිරීමට උදව් කිරීම, 2017දී තවත් හෙරොයින් ජාවාරමක් සහ 2021දී වැලිපැන්නේදී ජීව අත්බෝම්බයක් සහ ගිනි අවියක් ළඟ තබාගැනීම වැනි චෝදනා සම්බන්ධ නඩු ඇතුළත්.

මීට අමතරව, මේ සැකකරු විදේශයේ ඉඳගෙනත් 2022දී අහුංගල්ලේ වෙඩි තැබීම් දෙකක්, 2022දී තවත් මිනීමැරුමක්, 2024දී අම්බලන්ගොඩදී වෙඩි තැබීමකට ආපු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සහ 2024දී අතුරුගිරියේ වෙඩි තබා දෙදෙනෙක් මරා හතර දෙනෙක්ට තුවාල කිරීම වැනි අපරාධ සම්බන්ද බවයි සදහන් වන්නේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්