සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

වසර 28කට පසු ග්ලැසියරයකින් හමුවූ මළ සිරුර

වසර 28කට පෙර හිම කුණාටුවක් අතරතුර අතුරුදන් වූ පුද්ගලයෙකුගේ සිරුරක් පාකිස්තානයේ ග්ලැසියරයක් තුළ තිබී සොයාගෙන තිබෙනවා. මෙම පුද්ගලයා 1997 ජූනි මාසයේදී සිය සොහොයුරා සමඟ අශ්වයෙකු

මිතුරන් සමග බෙදාගන්න

වසර 28කට පෙර හිම කුණාටුවක් අතරතුර අතුරුදන් වූ පුද්ගලයෙකුගේ සිරුරක් පාකිස්තානයේ ග්ලැසියරයක් තුළ තිබී සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා 1997 ජූනි මාසයේදී සිය සොහොයුරා සමඟ අශ්වයෙකු පිට මෙම ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී අනතුරට ලක්ව ග්ලැසියර කුහරයකට වැටී අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියගිය පුද්ගලයා සොයා මෙහෙයුම් දියත් කළද, එකල සිරුර සොයා ගැනීමට නොහැකි වූ බව ඔහුගේ සොහොයුරා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.

වසර 28කට පසු හමුවූ මෙම සිරුරේ හෝ ඇඳුම්වල කිසිදු හානියක් නොවී නොවෙනස්ව තිබීම විශේෂත්වයක්. ඉස්ලාමාබාද්හි කොම්සැට්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, ශරීරයක් ග්ලැසියරයකට වැටුණු විට, අධික සීතල නිසා එය වේගයෙන් කැටි ගැසෙන බවත්, එමගින් දිරාපත්වීමේ ක්‍රියාවලිය නතර වන බවත්ය.

 

වෙනත් පුවත්

උණුසුම් පුවත්