වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලිබල මණ්ඩල සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සඳහන් කළා.
මෙම තීරණය ගෙන ඇත්තේ විදුලි සැපයීමට සම්බන්ධ සියලුම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් සැලකිල්ලට ගනිමින්. මීට අදාළ චක්‍රලේඛය විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් ඊයේ (සැප්තැම්බර් 22) නිකුත් කර තිබෙනවා.
මෙම පියවර මගින් රටේ විදුලි සැපයුමේ අඛණ්ඩතාව සහතික කිරීමට අපේක්ෂා කෙරේ.